හෝමාගම ප්රාදේශීය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවන්ගේ නායකත්ව ගුණාංග සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, තාක්ෂණික ආන්තීකරණයෙන් තොර නායකත්වයක් වෙනුවෙන් සැලසුම් කරන ලද වැඩමුළුවෙහි ප්රථම සැසිවාරය හෝමාගම සහකාර ප්රාදේශීය ලේකම් තුමන්ගේ ප්රධානත්වයෙන් 2023.10.27 වන දින කාර්යාලයීය ශ්රවණාගාරයේ දී පවත්වන ලදි.
කාන්තා නායකත්වයෙන් ක්රියාත්මකවන කොට්ඨාසයේ කාන්තා කටයුතු පහසුකරණය මෙහි අනෙක් අරමුණ වේ.
මේ සඳහා සම්පත්දායකත්වය කඩුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරී ජයප්රසාද් කහඳවල මහතා විසින් ලබාදුණි .
හෝමාගම ප්රාදේශීය කාන්තා බල මණ්ඩල නිලධාරින්ගේ සංවිධාන සහයෝගයෙන් ,සහකාර ප්රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන සැලසුම්කරණය හා සංවිධානය කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී විසින් සිදු කරන ලදී.



















