"සුවපත් වැඩිහිටියන් උදෙසා විශ්වීය වැඩිහිටි හිමිකම් පරපුරෙන් පරපුරට" යන තේමාව මුල්කරගනිමින් , හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය වූ වැඩිහිටි දින සැමරුම් උත්සවය, දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2023-10-31 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .

 

මෙහිදී, බස්නාහිර පළාත් වැඩිහිටි තරගාවලියේ දී ජයග්‍රහණය හිමිකරගත් නර්තන හා ගායන අංගවලින්ද සමෘද්ධි කලාප මට්ටමෙන් තෝරාගත් විවිධ වූ කලාංගයන්ගෙන්ද උත්සවය වර්ණවත් විය.

එම නිර්මාණයන් පුහුණු කළ නිලධාරීන් සඳහා ත්‍යාග පිදීම ද මෙහිදී සිදුවිණි .

මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රධාන ආරාධිත අමුත්තන්,දෙටු පුරවැසියන් රැසක් සහභාගී විය.

හෝමාගම,ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාගේ උපදෙස් මත සමාජ සේවා අංශය හා වැඩිහිටි බල මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම උත්සවය සංවිධානය විය.

20231031ElderlyDaycelebrations

20231031ElderlyDaycelebrations 4

20231031ElderlyDaycelebrations 5

20231031ElderlyDaycelebrations 6

20231031ElderlyDaycelebrations 7

 

20231031ElderlyDaycelebrations 2

20231031ElderlyDaycelebrations 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top