බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද "විශ්වාභිනන්දන -2022/ 2023" කලාකරු උපහාර උළෙල 2023-11-22 වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙහිදී අති උත්කර්ෂවත්ව පැවැත්විණි.
කලා ක්ෂේත්‍රය තුළ ප්‍රකටකළ ප්‍රතිභාසම්පන්න නිපුණතාවය සහ කලාව වෙනුවෙන් ඉටුකරනා ලද අමිල මෙහෙය අගය කරනුවස් , බස්නාහිර පළාත තුළ විසිර පැතිර සිටින කලාකරුවන් ඇගයීමට ලක්කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමන්, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශ ලේකම්( බ.ප) සිරිසෝම ලොකුවිතාන මැතිතුමන් ප්‍රධාන සම්භාවනීයන් අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උපහාර උළෙලෙහිදී හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි කලාකරුවන් සත් දෙනෙකු විශ්වාභිනන්දන උපහාරයෙන් පිදුම් ලැබීය.
එනම්,
- ප්‍රවීන රංගවේදිනී යසී අබේරත්න මැතිණිය
- ප්‍රවීන ලේඛක S.V.P. සිරිසේන මැතිතුමා
- ප්‍රවීන ලේඛක මහින්ද සෙනරත් ගමගේ මැතිතුමා
- ප්‍රවීන ලේඛක ජයරත්න ඉහළ කොඩිප්පිලි මැතිතුමා.
- ප්‍රවීන සංගීතවේදී විජිත අනුප්‍රිය මැතිතුමා
- ප්‍රවීන නිවේදක සේනක උබේසිංහ මැතිතුමා
- ප්‍රවීන නර්තනශිල්පිනී චාන්දනී රේණුකා මැතිණියයි.




















