දරුවන්ගේ සෞන්දර්ය කුසලතා සංවර්ධනය අරමුණු කරගනිමින්, මූලික වශයෙන් නාට්‍ය හා රංගකලාව පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව පවත්වන ලද සෞන්දර්ය කුසලතා සංවර්ධන වැඩසටහන 2023-12-08 වන දින බප/හෝ ,වෑතර ජාතික පාසලෙහි ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

 

මෙහිදී නාට්‍ය හා සම්බන්ධ ආනුෂාංගික අංග පදනම් කරගනිමින්, නාට්‍ය හා සබැඳී සංගීතය, නර්තනය,හඬ පුහුණුව ,ගායනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් දරුවන් වෙත ලබාදීම සිදුවිය.

විද්‍යාලයේ 9 සහ 10 යන ශ්‍රේණින් නියෝජනය කරමින් දරුවන් 100කට අධික පිරිසක් මේ සඳහා සහභාගීවූ අතර දරුවන් රැසකගේ දක්ෂතා හඳුනා ගැනීමට සහ නාට්‍ය ක්ෂේත්‍රය අධ්‍යයනයට සහ ප්‍රවිශ්ඨ වීමට දරුවන්ට මෙය කදිම අවස්ථාවක් විය.

හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩළය නියෝජනය කරමින් ප්‍රවීන කලාකරුවන් වන ශ්‍යාමලී ලිවේරා මිය, මහින්ද ලොකු යද්දෙහිගේ මයා, විජිත අනුප්‍රිය මයා, සන්ධ්‍යා සේපාලි මිය, දිස්නා සංජීවනී මිය, නිර්මලා කුමාරි ම්ය මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුණි .

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සංස්කෘතික නිලධාරීන් වන නාලිනී ස්වර්ණලතා මහත්මිය සහ තිසරු කෝට්ටගේ මෙය , සංස්කෘතික බලමණ්ඩලයේ සාමාජික කලාකරුවන් , නියෝජ්‍ය විදුහල්පතිතුමන් ප්‍රධාන ගුරුභවතුන්ගේ සහභාගීත්වය හිමිවිය.

20231208SkillDevelopment

20231208SkillDevelopment 2

20231208SkillDevelopment 3

20231208SkillDevelopment 4

20231208SkillDevelopment 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top