විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා කුසලතාවයන් සංවර්ධනය සඳහා මග හෙළිපෙහෙළි කරමින් එම කුසලතාවන් අගයකරනු රිසින් සංවිධානය වූ "විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා මහෝත්සවය " 2023-12-05 වනදින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.එන්.කෞශල්‍යා කුමාරි මහත්මිය, බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ සෙව්වන්දි හෙට්ටිආරච්චි මහත්මිය, හෝමාගම රොහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජයරුවන් බංඩාර මහතා ප්‍රධාන සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය .
මෙහිදී උපුල් රංජිත් මහතා විශේෂ ආරාධිත දේශනය පැවැත්වූ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ විවිධ රැඟුම්, ගැයුම්, වැයුම් අංගයන්ගෙන් උළෙල විචිත්‍රවත් විය.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්,ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූ අතර දරුවන්ගේ කුසලතාවයන් අගය කරනු වස් ත්‍යාග ඔවුන් වෙත ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

























