ස්වභාවික ශාක පත්‍ර තුළින් ආදායම් උත්පාදනය සඳහා ග්‍රාමීය කාන්තාවන් යොමු කරමින්, විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීමේ වැඩසටහන් මාලාව නව පැතිකඩක් තුළට අවතීර්ණ වෙමින් සංවිධානය වූ මෙම වැඩසටහන 2023-12-12 වන දින පාලගම විහාරස්ථානයේ දී පවත්වන ලදි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා පාලගම ග්‍රාම නිලධාරී වසමෙහි සහ ඒ හා තදාසන්න ග්‍රාම නිලධාරී වසම්හි ක්‍රියාත්මකවන කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජික කතුන් ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක විය.
“Life solution” පදනමෙහි සම්බන්ධීකරණ නිලධාරී රසික සිරිවර්ධන මහතා සහ "Export Lanka” ආයතනයෙහි අධ්‍යක්ෂ මංජුල මහතා විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුණි.
අදාළ වසමෙහි නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර ඇතුළු ප්‍රතිලාභීන් 90 දෙනෙක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර මෙම වැඩසටහන සැලසුම්කරණය හා අධීක්ෂණය වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී . පාලගම කාන්තා කාර්‍ය සංවිධානයේ නිලධාරීන් විසින් මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු සිදුකෙරුණි .


















