කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, "chrysalis" පදනම සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  කාන්තා කටයුතු අංශයෙහි එකමුතුවෙන්, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවිධානය වූ, විවිධ ගැටළු හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් 300 ක් සඳහා රුපියල් 6500ක්  වටිනා පෝෂණ  මලු බෙදාදීමේ වැඩසටහන  කොළඹ දිස්ත්‍රික් ලේකම් /දිසාපති කේ.ජී. විජේසිරි මහතාගේ  ප්‍රධානත්වයෙන් 2023-12-19 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ  පැවැත්විණි.

 

පවතින අභියෝගකාරී ආර්ථික තත්වය හමුවේ  සරණක් අවැසි, කොට්ඨාසයේ ප්‍රජාව වෙත සහනයක් සලසනු රිසින් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා  කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මැතිතුමන් ,  හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මැතිතුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්. කැකුලාවල  මැතිතුමන්,"chrysalis" පදනමේ   ව්‍යාපෘති කළමණාකරු සුදන් බාස්කරන්  මැතිතුමන් සහ කොළඹ දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී අනුරාධා මායාදුන්න මහත්මිය   ඇතුළු නිලධාරීන් රැසක් සහභාගීවිය.

 ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ  පෙන්වීම සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන්  තෝරා ගැනීම කොට්ඨාසයේ කාන්තා කාර්ය සංවිධාන මගින් සිදුවිය.

රු. 1,950,000/-ක මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් මේ සඳහා යෙදවුණු අතර එ් සඳහා අනුග්‍රහය “chrysalis” පදනම වෙතින් ලබාදෙන ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් මෙම වැඩසටහන  සංවිධානය කරන ලද අතර, ඒ සඳහා අවැසි  සංවිධාන සහය හා ආරාධිත ත්‍යාග සඳහා අනුග්‍රහයකත්වය  ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලය විසින් ලබාදුණි .

20231219nutritionalbags

20231219nutritionalbags 2

20231219nutritionalbags 3

20231219nutritionalbags 4

20231219nutritionalbags 7

20231219nutritionalbags 8

20231219nutritionalbags 9

20231219nutritionalbags 10

20231219nutritionalbags 13

20231219nutritionalbags 14

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top