සාමයේ කුමරුවන්ගේ උපත සමරමින් ලොව පුරා කිතුනු ජනතාව මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන නත්තල් උත්සවයට සමගාමීව බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද " කිතු බැති ගී" ප්‍රසංගය 2023-12-20වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
නත්තලෙහි අරුත වූ ප්‍රේමය,දයාව, පරිත්‍යාගය සහ සමානාත්මතාවය වඩාත් ඔප් නංවමින් , කොට්ඨාසයේ බොදු දහම් පාසල්, පාසල්, කිතුනු දේවස්ථාන ප්‍රධාන ගීතිකා කණ්ඩායම් කිහිපයක් මෙහිදී කිතු බැතිගී ගායනා ඉදිරිපත් කරන ලදී.
කිතු උපත මහත් හරසරින් සමරමින්, ආගමික සහජීවනයෙහි උදාරත්වය පෙන්වාලමින් හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා කටුවාන ශුද්ධ වූ මිඛායෙල් කතෝලික දේවස්ථානයෙහි තිළිණ සමිත් පියතුමන්, ප්‍රාදේශීය ලේකම්තුමන්,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්, ගණකාධිකාරිතුමන් , නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය (සැලසුම්) ප්‍රධාන රජයේ නිලධාරීන් සහ කලාකරුවන් ,දූදරුවන් රැසක් සහභාගී විය .
හෝමාගම පුරාණ විහාරස්ථ සිරි සීවලී බෞද්ධ දහම් පාසල, බප/හෝ/ කිරිවත්තුඩුව ජයතිලක කණිෂ්ඨ විද්‍යාලය, කටුවාන ශුද්ධ වූ මිඛායෙල් දහම් පාසල, දික්හැතැප්ම ලූර්දු දේවමාතා දහම් පාසල සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ගායක කණ්ඩායම,හෝමාගම සංස්කෘතික බල මණ්ඩල ගායක කණ්ඩායම මෙහිදී බැති ගී ගායනයෙන් දායකවීය.
බැතිගී ගායනයෙන් දායක වූ දරුවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කිරීමෙන් අනතුරුව නත්තලෙහි සිරිය ප්‍රේක්ෂකයන් වෙත රැගෙන එමින් නත්තල් සීයා විසින් පිරිස සඳහා තෑගි බෙදාදීම මෙම ප්‍රසංගයෙහි විචිත්‍රවය වඩාත් තීව්ර කරන ලද අවස්ථාව විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩළයෙහි සහයෝගයෙන් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.



























