හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපිත සිද්ධමුල්ල දකුණ කාන්තා කාර්ය සංවිධානය මගින් අඩු ආදායම්ලාභී තෝරාගත් පවුල් වෙත පාසල් උපකරණ සහ පොත් ප්‍රදානය කිරීම 2024-02-08 වන දින සිද්ධමුල්ල ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පවත්වන ලදී.

 

මෙහිදී තෝරාගත් පවුල් 10 ක් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමද තවත් පවුල් 10 ක් සඳහා පොත් බෙදා දීම සිදුකෙරුණි .

ඒ අනුව, පවතින ආර්ථික අපහසුතා නිසාවෙන් පීඩාවටපත් පවුල් සඳහා ක්ෂණික සහන සැපයීමේ වැඩ සැලැස්මට අනුව යමින් ප්‍රතිලාභී පවුල් 20 ක් සදහා රු:50,000/- පාසල් බෑග් ,නිල ඇදුම් හා පොත්පත් ප්‍රදානයක් මෙහිදී සිදු කරන ලදී.

සිද්ධමුල්ල දකුණ, සිද්ධමුල්ල උතුර හා සංඝාරාම යන වසම්වල සංවර්ධන නිලධාරීන්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර , ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ ලේකම් හා ආරාධිතයින් ප්‍රදාන කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් මෙම අවස්ථාව හා සම්බන්ධවූ අතර මෙම වැඩසටහන සංවිධානය කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සිදුකෙරුණි.

මෙම වැඩසටහන් සැලසුම්කරණය හා අධීක්ෂණය කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.

20240208SiddhamullaSouth

20240208SiddhamullaSouth 2

20240208SiddhamullaSouth 3

20240208SiddhamullaSouth 4

20240208SiddhamullaSouth 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top