හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය සහ හෝමාගම ප්‍රාදේශීය කාන්තා ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සුසැදි, හෝමාගම ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලයෙහි මහ සභා රැස්වීම සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ සහභාගීත්වයෙන් 2024.02.07 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
කාන්තා කාර්ය සංවිධාන 45 ක සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහනෙහිදී සෑම කාන්තා කාර්ය සංවිධානයක් විසින්ම මාසිකව සිදුකරන ලද වැඩසටහන්හි ප්‍රගතිය හා ඉදිරියෙහිදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සැලසුම්ද ඉදිරිපත් කිරීමට කටයුතු සංවිධානය විය.
එමෙන්ම, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් ,දැනුවත් කිරීම් සහ කාන්තා දින උත්සවය සැලසුම් කිරීම ද මෙම අවස්ථාවෙහිදී සිදු කරන ලදි.
ගෙවතු වගාව සඳහා කාන්තාව පෙළඹවීම උදෙසා ගෙවතු වගා වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ උපදෙස් අනුව කෘෂිකර්ම සංවර්ධන නිලධාරී විසින් සිදු කරන සිදුකෙරුණි .
තවද, කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග හඳුන්වාදීම අරමුණු කරගනිමින් දැනුවත් කිරීමක් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම් නියෝජිත,කණ්ඩායම් නායක කුමාරසිරි මහතා හා රක්ෂණ උපදේශක මානෙල් ගුණතිලක මහත්මිය විසින් සිදු කරන ලදී.
මෙම වැඩසටහන සම්බන්ධීකරණය හා අධීක්ෂණය කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .




















