හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගම ග්රාම නිලධාරී වසමෙහි ස්ථාපිත කාන්තා කාර්ය සංවිධානයෙහි නිලවරණය, 2024.02.06 වනදින ඕවිටිගම ප්රජා ශාලා පරිශ්රයේ දී පවත්වන ලදී.
මෙහිදී ,නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සහ 2024 වර්ෂය සඳහා ක්රියාත්මක කරනු ලබන වැඩසටහන් සැලසුම් කරගත යුතු අයුර පෙන්වා දීම ද සිදු කිරීමට යෙදුණි .
එමෙන්ම " හර්බ් ලයින් ශ්රී ලංකා" ආයතනය හා එක්ව ක්රියාත්මක කරනු "අත්වැල" වැඩසටහන පිළිබඳව පැමිණි පිරිස දැනුවත් කිරීම හෝමාගම කොට්ඨාසයේ කණ්ඩායම් නායිකාවක ලෙස කටයුතු කරන කිරිවත්තුඩුව උතුර කාන්තා කාර්ය සංවිධානයෙහි සභාපති තුමිය විසින් සිදුවිය.
ඕවිටිගම කාන්තා කාර්ය සංවිධාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන අධීක්ෂණය කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්ර සහකාර විසින් සිදු කෙරුණි .





















