හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි, 2024 වර්ෂයෙහි අ.පො.ස.(උ/පෙළ ) විභාගයට පෙනී සිටි දරුවන් වෙනුවෙන් සංවිධානය වූ සුවිශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම කාර්යාලයීය නිපුණතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් නිලධාරීන් එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී
අ.පො.ස.(උ/පෙ. ) විභාගයෙන් අනතුරුව වඩාත් ඵලදායී ලෙස වෘත්තීය ගමන් මග ආරම්භ කිරීමට වෘත්තීය පුහුණුවේ ඇති කාලීන වැදගත්කම පිළිබඳව මෙහිදී සිසුන් දැනුවත් කළ අතර, රජයේ සහ අර්ධ රාජ්‍ය පුහුණු ආයතන සඳහා සිසුන් ලියාපදිංචි කිරීමද මෙහිදී සිදුකරන ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී .තේනුවර මහතා, මිනිස්බල හා රැකී රක්ශා දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ආනන්ද විජේකෝන් මහතා සහ ගොඩගම කාර්මික විද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය ,මහරගම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය , ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කලමණාකරන ආයතනය ,ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතනයන්හි උපදේශක නිලධාරීන් මෙම අවස්ථාව ට සභාගී වූහ.
මේ හා සමගාමීව කාර්යාලයීය විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් විසින් විදේශ රැකියාවලට යොමුවීමේදී බලපාන වැදගත් කරුණු පිළිබඳව දැනුවත් කිරීමද සිදුවිය.



















