අධිකරණ අමාත්‍යාංශය හා සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සංකල්පයකට අනුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ප්‍රකාරව සංවිධානය වන වැඩසටහන් මාලාවෙහි " අනාගත නායකයින් සදහා වූ සමථකරණ" වැඩසටහන 2024-02-13 වනදින ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි .
පාසල තුළදී ඇති වන ගැටුම් , ආරවුල් පාසල තුළම සමථයට පත්කර ගැනීම සඳහා ආරවුල් නිරවුල් කිරිමේ විකල්ප ක්‍රමවේදයක් ලෙසින් සමථකරණ භූමිකාව පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීම සහ දරුවන්ගේ ආකල්ප සංවර්ධනය , නායකත්ව ගුණාංග පෝෂණය කිරීම, පෞරුෂ වර්ධනය ඇති කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි.
සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයෙහි සිසුන් 150කට අධික පිරිසක් සහ ගුරුවරුන් මෙම වැඩසටහනෙහි ප්‍රතිලාභීන් ලෙස සහභාගී වූ අතර, එම විද්‍යාලයීය විදුහල්පති ජේ .ආර්.සමන් මංජුල මහතා, සහකාර විදුහල්පතිතුමිය සහ අංශ භාර ගුරුභවතුන්ද මෙම අවස්ථාව සඳහා එක්විය.
මෙම වැඩසටහන සංවිධානය හා සම්පත්දායකත්වය කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී කේ.ඩී.හිමාලි කටුගම්පල මහත්මිය විසින් සිදුකරන ලදී .



















