අධිකරණ අමාත්‍යාංශය  හා  සමථ  මණ්ඩල  කොමිෂන් සභාවේ  සංකල්පයකට  අනුව,  අධ්‍යාපන අමාත්‍යාංශයේ  අනුමැතිය  ප්‍රකාරව  සංවිධානය වන  වැඩසටහන් මාලාවෙහි   " අනාගත නායකයින් සදහා  වූ  සමථකරණ" වැඩසටහන 2024-02-13 වනදින ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි .

 

පාසල තුළදී  ඇති වන  ගැටුම් , ආරවුල්  පාසල තුළම සමථයට  පත්කර ගැනීම  සඳහා   ආරවුල්  නිරවුල් කිරිමේ විකල්ප ක්‍රමවේදයක්  ලෙසින් සමථකරණ භූමිකාව  පාසල් සිසුන් අතර  ප්‍රචලිත  කිරීම  සහ දරුවන්ගේ  ආකල්ප  සංවර්ධනය , නායකත්ව ගුණාංග  පෝෂණය කිරීම,  පෞරුෂ වර්ධනය ඇති කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි.

සුභාරතී  මහාමාත්‍ය විද්‍යාලයෙහි  සිසුන් 150කට අධික පිරිසක් සහ    ගුරුවරුන් මෙම වැඩසටහනෙහි ප්‍රතිලාභීන් ලෙස සහභාගී වූ අතර, එම විද්‍යාලයීය   විදුහල්පති ජේ .ආර්.සමන්  මංජුල මහතා, සහකාර විදුහල්පතිතුමිය සහ අංශ භාර ගුරුභවතුන්ද මෙම අවස්ථාව සඳහා එක්විය.

මෙම වැඩසටහන සංවිධානය  හා සම්පත්දායකත්වය   කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී කේ.ඩී.හිමාලි කටුගම්පල මහත්මිය විසින් සිදුකරන ලදී .

20240213Reconciliation

20240213Reconciliation 2

20240213Reconciliation 4

20240213Reconciliation 5

20240213Reconciliation 6

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top