ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය සහ  හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයෙහි එකමුතුවෙන්   ඉඳිවූ   කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම වැඩිහිටි  දිවා සුරැකුම් මධ්‍යස්ථානය වන  "සංහිද "වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානය 2024-03-05 වනදින ගරු ප්‍රවාහන මහාමාර්ග හා ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සුරතින් විවෘත කරනු ලැබීය.

 

 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , කිරිගම්පමුණුව  ග්‍රාමයෙහි කලකට ඉහතදී  ඉඳිකරන ලද පසුව වසාදැමුණු පාසලක් වන කිරිගම්පමුණුව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙහි අත්හැර දැමුණු ගොඩනැගිල්ලක්  ප්‍රතිසංස්කරණය කිරීමෙන්  මෙම වැඩිහිටි දිවාසුරැකුම් මධ්‍යස්ථානය  ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ප්‍රදානයට මග සැලසිණි.

ජීව්තයෙහි සැඳැ සමයෙහි පසුවන දෙටු පුරවැසි ප්‍රජාවගේ සුවතාවය වඩාත් සුරකිමින් ගොඩනැගුණු "සංහිඳ"  සඳහා මූල්‍ය ප්‍රතිපාදන වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් ප්‍රදානය කරන ලද අතර  හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ  අධීක්ෂණය මත  මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඉඳිවීමේ කාර්යය සිදුවිය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමන්, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂතුමන්, ප්‍රාදේශීය ලේකම්තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රධාන කාර්යාලයීය  මාණ්ඩලික නිලධාරීන්, සහ කාර්යාලයීය  නිලධාරීන්  මෙන්ම වසම්ආශ්‍රිතව රාජකාරීන්හි නිරත  නිලධාරීන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.

දෙටු පුරවැසියන්ගේ ගැයුම්, රැඟුම්  ආදී විචිත්‍රාංගයන්ගෙන් මෙම අවස්ථාව වර්ණවත් වූ අතර කිරිගම්පමුණුව ග්‍රාම නිලධාරී  , ආර්ථික සංවර්ධන නිලධාරී සහ "සංහිඳ" වැඩිහිටි සංවිධානය හා එක්ව  කාර්යාලයීය  සමාජ සේවා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ElderlyDayCareCenter20240305

ElderlyDayCareCenter20240305 2

ElderlyDayCareCenter20240305 3

ElderlyDayCareCenter20240305 4

ElderlyDayCareCenter20240305 5

ElderlyDayCareCenter20240305 6

ElderlyDayCareCenter20240305 7

ElderlyDayCareCenter20240305 8

ElderlyDayCareCenter20240305 9

ElderlyDayCareCenter20240305 10

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top