මෙරට කලා ක්ෂේත්‍රය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කරන ලද දිවංගත ප්‍රවීන කලාශිල්පී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ 77වන ජන්ම දිනය හා සමගාමීව සංවිධානය වූ මෙම වැඩසටහන 2024-06-07 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි .
ගේය පද රචකයෙකු, සන්නිවේදකයෙකු , කවියෙකු, පිටපත් රචකයෙකු ආදී ලෙස ක්ෂේත්‍ර ගණනාවක සිය අසමසම දක්ෂතාව ප්‍රකට කරන ලද ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ මෙම අසහාය කලාකරුවා 1989-07-31 වන දින ඝාතනය කරන ලද අතර, මියයන විට ඔහු ජීවත්ව සිටියේ හෝමාගම කටුවාන ග්‍රාමයෙහිය.
එතුමා විසින් කලා ක්ෂේත්‍රයට කරනා ලද මෙහෙය සහ ඔහුගේ නිර්මාණ භාවිතය අළලා සංවිධානය වූ මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී , කලාශිල්පී සමන් අතාවුදහෙට්ටි මහතාය. සමන් අතාවුද හෙට්ටි මහතා හා සම්මුඛ සාකච්ඡාවක් ආකාරයට දියත් වූ මෙම සම්මුඛ සාකච්ඡාවවෙහි දී ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචනා කරන ලද ගීත ගායනා කිරීම සඳහා ප්‍රවීන සංගීතවේදී, ගායන ශිල්පී ප්‍රියනාත් රත්නායක මහතා, ගායක සොහාන් පෙරේරා මහතා, විශාරද දිස්නා සංජීවනි දේවගේ මහත්මිය, විශාරද සුජානී මදුෂිකා හෙට්ටිආරච්චි මහත්මිය, විශාරද නිලංක නවෝද් සිරිවර්ධන මහතා සහ විශාරද සනුග තෙවන් යන අයගේ දායකත්වය හිමි විය.
සංගීතවේදී කමල් ඉලේපෙරුම මහතා ප්‍රධාන වාද්‍ය වෘන්දය මෙම වැඩසටහන සඳහා සංගීතය සපයන ලදී .මේ අවස්ථාව සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ මැතිණිය, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා, ප්‍රාදේශීය ලේකම් බී. ඒ.ඩී. චින්තක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතා , ගණකාධිකාරි පුබුදු කුරුප්පුඅච්චිගේ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) නිලංකා එන්. සම්පත් මහත්මිය , හෝමාගම ප්‍රාදේශීය සභා ලේකම්තුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම හෝමාගම අධ්‍යාපන කලාපයෙහි පාසල් දරුවන් , ගොඩගම කාර්මික විද්‍යාලයෙහි සිසුන්, කලාකරුවන් කටුවාන ගම්වාසීන් සහ කලාකාමී සහෘද රසික පිරිස රැසකගේ සහභාගිත්වය හිමි විය .
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත, කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.



























