හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව සිව් මහල් ගොඩනැගිල්ල රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන අමාත්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සුරතින් පසුගිය විසිඑක් වෙනිදා (21) විවෘත විය.
හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මැතිතුමා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, රෙජිස්ට්‍රාර් ජෙනරාල් එස්.එස්.විජේසිංහ, කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතා ප්රමුඛ කාර්යාලයීය මාණ්ඩලික හා කාර්යාලයීය නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා ප්රජාවද මෙම උත්සව අවස්ථාවට එක්වූහ.





















































