වර්තමානය වන විට සීඝ්‍ර ලෙස වර්ධනයවී ඇති මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ ඔස්සේ වන පුද්ගල ජීවිත පරිහානිය සහ සමාජ පරිහානිය තුරන් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මත්ද්‍රව්‍ය නිවාරණය සහ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීම පිළිබඳ ප්‍රජා විශෝධන ආඥාලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2024-08-29 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ආසියා ලංකා පදනමෙහි ප්‍රජා පිවිසුම් නිලධාරී බුද්ධික ලක්මාල් මහතා විසින් ලබාදෙන ලදී.
මෙහිදී ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය තුළින් ජීවිතය ජය ගැනීමේ වැදගත්කම සහ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ දැනුවත් කිරීමද සිදුවූ අතර නොමිලේ HIV හා සමාජ රෝග පිළිබඳ රැධිර පරීක්ෂණය සිදුකිරීමට කටයුතු යෙදුණි.
මෙම අවස්ථාව සඳහා හෝමාගම ප්‍රජා විශෝධන කාර්යාලයෙහි ප්‍රජා විශෝධන නිලධාරී සහ කාර්යාලයීය නිලධාරීන්ගේ සහභාගීත්වය හිම්වූ අතර, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය සංවර්ධන නිලධාරීන් (ප්‍රජා විශෝධන), සංවර්ධන නිලධාරී (මත්ද්‍රව්‍ය නිවාරණ), බාහිර සේවා සහ උපදේශන නිලධාරීගේ (අන්තරායකර ඖෂධ පාලන ජාතික මණඩලය) එකමුතුවෙන් සංවිධානය විය.














