පොත් යනු නෙත්ය. පොත පත ඇසුරින් දෙනෙත් විවර කිරීමට ඉඩ සැලසීම, මසැසින් සහ මනසින් ලෝකය, ජීවිතය විනිවිද දැක්ම, පුළුල් පරිකල්පනයකින් මනස ඔසවා තැබීම කියවීම තුළින් මිනිසා ලබනා වත් පොහොසත්කම් වේ.
මේ ඒ සඳහා වූ සද්කාර්යයකි.
2023 වර්ෂයේ ආරම්භ කරන ලද වසම් පාදක කොටගත් ප්‍රජා පාදක මත් නිවාරණ වැඩසටහනෙහි තවත් අදියරක් ලෙස "ලෝක ළමා සහ වැඩිහිටි දිනය - 2024" කේන්ද්‍ර කර ගනිමින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි හෙට්ට්යාවත්ත ග්‍රාම නිලධාරී වසමෙහි දරුවන් සහ වැඩිහිට්යන්ගේ පරිහරණය පිණිස ආරම්භ කරන ලද පුස්තකාලය පාඨක ප්‍රජාව වෙත පත්කිරීම හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් 2024.10.01 වන දින සිදුකෙරුණි.
එමෙන්ම ඒ හා සමගාමීව දරුවන් වැඩිහිටියන් සහ කාන්තාවන් වෙනුවෙන් මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ද පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මැතිතුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී .තේනුවර මැතිතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂක (සැලසුම්) නිලංකා එස්. සම්පත් මැතිණිය, පුස්තකාලය ආරම්භ කිරීම සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වූ චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක මැතිතුමා සහ එම මැතිණිය මෙන්ම ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ හෝමාගම ප්‍රජා විශෝධන නිලධාරී ධනුෂ්ක තරංග මැතිතුමන් සහ කාර්ය මණ්ඩලය, සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති දේශමාන්‍ය දේශබන්දු තිලකරත්න මැතිතුමන්, හෙට්ටියාවත්ත ග්‍රාම නිලධාරී වසමෙහි රජයේ නිලධාරීන් සහ හෝමාගම කොට්ඨාශයේ පරිත්‍යාගශීලී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වය හිමිව්ය.
මෙම පුස්තකාලය සඳහා අවැසි පොත්-පත් සපයාගැනීමට කොට්ඨාසයේ පරිත්‍යාගශීලීන් සහ කාර්යාල නිලධාරීන්ගේ දායකත්වය හිම්වූ අතර,
මෙම වැඩසටහන සඳහා සහභාගී වූ දරු දැරියන් සියළු දෙනා වෙත ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ ප්‍රජා ව්ශෝධන නිලධාරී ධනුෂ්ක තරංග මැතිතුමා විසින් නිලඇඳුම් ප්‍රදානය කිරීම සිදුවිය.
කාන්තාවන් දිරිගැන්වීම සහ ඔවුන් සවිබල ගැන්වීමේ අරමුණින් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී විසින් දැනුවත් කිරීමේ දේශනයක් මෙහිදී පැවැත්වූ අතර, හෙට්ටියාවත්ත ග්‍රාම නිලධාරී වසමෙහි ප්‍රජාවගේ යහපත් ජීවන අභිලාෂයන් මුදුන් පමුණවා ගනිමින් වඩා යහපත් ජීවන තත්වයක් ඇති කරලීම සඳහා අවැසි ක්‍රියාදාමයන් රැසක් ඉදිරියෙහිදී ඇරඹීමට සහ යාවත්කාලීන කරමින් පවත්වා ගැන්මට මෙම වැඩසටහන වඩාත් සාධනීය පියවරක් වූ බව කිව මනා වේ.
අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන අවදානම් වසම් පාදක කොටගත් ප්‍රජා පාදක මත් නිවාරණ වැඩසටහනට අනුව ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදේශකත්වයෙන් සහ මැදිහත් වීමෙන් කාර්යාලයීය ළමා කටයුතු සහ ප්‍රජා විශෝධන නිලධාරීන් ගේ සහයෝගයෙන් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර පුනරුත්ථාපන හා උපදේශන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














