අධ්‍යාපන අමාත්‍යාංශය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීම සදහා සංවිධානය කළ අධ්‍යාපනික ප්‍රදර්ශනය 2024.10.12 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.
අධ්‍යාපන අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන) එච්.ඩී.චන්දිමා ජානකී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කෞශල්‍යා කුමාරි මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයෙහි අධ්යක්ෂ (ශිෂ්‍ය ණය) එස්.ඩී.එන්.එස් ජයසේන මහත්මිය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ ඩී. චින්තක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතා, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර මහතා, සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ.එස් දිල්හානි මහත්මිය, කොළඹ දිස්ත්‍රික්කය නියෝජන කරමින් නිපුණතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පවත්වන්නට කටයුතු යෙදුණි.
ගොඩගම කාර්මික විද්‍යාලය, හෝමාගම මහජන බැංකුව සහ ලංකා බැංකුව මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල 12 ක සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා හෝමාගම, සීතාවක, පාදුක්ක, කැස්බෑව, කඩුවෙල සහ මහරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රතිලාභීන් රැසක් සහභාගී විය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කාර්යාලයීය නිපුනතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














