"සත්කාරක සේවාව තුළින් යහපත් දිවියක්" යන තේමාව යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශය සහ ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උත්සවය පසුගිය දා හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත්ව පැවැත්විණ.
බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ සෙව්වන්දි හෙට්ටිආරච්චි මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාව සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ සැලසුම් නිලංකා එන්.සම්පත් මහත්මිය, ගණකාධිකාරි පුබුදු කුරුප්පුඅච්චි මහතා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් සහ දෙටු පුරවැසි ප්‍රජාව මෙම වැඩසටහන සඳහා සහභාගී විය.
කොට්ඨාසයෙහි පදිංචි කලා කුසලතාවන්ගෙන් පිරි දෙටු පුරවැසි ප්‍රජාවගේ රැඟුම් ගැයුම්වලින් මෙම උත්සවය වඩාත් අලංකාර වූ අතර, බස්නාහිර පළාත් වැඩිහිටි නිර්මාණ තරගාවලියෙහි නර්තන සහ ගායන අංශවලින් ජයග්‍රහණ ලැබූ ජයග්‍රාහී කණ්ඩායම් සමාජිකයින් ඇගයීමද මෙම අවස්ථාවෙහිදී සිදුකරන ලදී.














