සෞඛ්‍ය අමාත්‍යංශයේ දේශීය වෛද්‍ය අංශය,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ආයුර්වේද සංරක්‍ෂණ සභාව සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකය එක්ව සංවිධානය කරනු ලැබූ කොළඹ දිස්ත්‍රික් "දේශීය ආහාර ප්‍රවර්ධන හා ආයුර්වේද ප්‍රදර්ශනය" අති සාර්ථක ලෙස හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්විණි.

ශ්‍රී ලාංකිකයන් ලෙස අපට උරුමව ඇති දේශීය ආහාර පාන වඩාත් ජනතාව වෙත ප්‍රචලිත කිරීම, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි සාර්ථක බව මෙන්ම එහි වටිනාකම ප්‍රජාව වෙත තිළිණ කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන හා සබැඳිව ආයුර්වේද වෛද්‍ය සායනය, දැනුවත් කිරිමේ වැඩසටහන්,යෝගා වැඩසටහන, ආයුර්වේද රූපලාවන්‍ය වැඩමුළුව,දේශීය ආහාර ප්‍රදර්ශනය හා අලෙවිය, ඔසු පැල ප්‍රදර්ශනය හා අලෙවිය මෙන්ම ආයුර්වේද වෛද්‍ය සිසුන් සඳහා දැනුවත් කිරිමේ වැඩසටහන් විශාල ජන සහභාගීත්වයක් යටතේ සිදුකිරීමට යෙදුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි දේශීය වෛද්‍ය අංශයෙහි අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න මහතා, අධ්‍යක්ෂ (සංවර්ධන) පි.දයානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා,සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා, ප්‍රජා සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය මාතාජී දිසානායක මහත්මිය, වෛද්‍ය අනෝජා හේරත් මහත්මිය, වෛද්‍ය දිලීප් ගිනිගේ මහතා සහ හෝමාගම ආයුර්වේද සංරක්ෂණ සභාවේ නිලධාරී මඩුල්ල සහ සාමාජිකයින් ඇතුළු පිරිස රැසක් සහභාගී විය.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසු සිසුවියන්,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පාසල් සිසු සිසුවියන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි සංවර්ධන නිලධාරීවරුන් සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ප්‍රජාවගේ සහභාගිත්වය ද මේ සඳහා හිමිවිය.

20241104ayurvedicexhibition

20241104ayurvedicexhibition 2

20241104ayurvedicexhibition 3

20241104ayurvedicexhibition 4

20241104ayurvedicexhibition 5

20241104ayurvedicexhibition 6

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top