සාහිත්‍ය කලාව ප්‍රජාව වෙත ගෙන යමින්, සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයන්හි නිරත වූවන්, සාහිත නිර්මාණකරණයෙහි නියැලෙන්නන් ඇගයුමට ලක්කරමින් සංවිධානය කරන ලද හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය - 2024 පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ප්‍රවීන රංගවේදිනියන් වන නීටා ප්‍රනාන්දු මහත්මිය සහ යශෝධා විමලධර්ම මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාව සඳහා සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ.එස්.දිල්හානි මහත්මිය,පාදුක්ක ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර මහතා,රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය,හෝමාගම ප්‍රදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා,සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා, නියෝජ්‍යය අධ්‍යක්ෂ (සැලසුම්) නිලංකා එන්.සම්පත් මහත්මිය,ගණකාධිකාරි පුබුදු කුරුප්පුඅච්චි මහතා  ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්, ෆාම්ස් ලංකා අධිපති ක්ලැරන්ස් මෙන්ඩිස් මහ,කලාශිල්පීන්,ජයග්‍රාහී සාහිත්‍ය නිර්මාණකරුවන්,පාසල් සිසුන් ඇතුළු සාහිත රසකාමීන් රැසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී විය.

  • කලා මාධ්‍යයක් ලෙස සාහිත්‍ය කලාව ඇගයීම හා ප්‍රවර්ධනය කිරිම,
  • කලාවට සුවිශේෂී සේවයක් කල කලාකරුවන් ඇගයීම,
  • කලායතන සිසුන්ට සිය කුසලතාවයන් ප්‍රදර්ශනය සඳහා වේදිකාවක් සැපයීම,
  • කලාව හා සාහිත්‍ය පරිශිලනයේ රුචිකත්වයක් ඇති කිරිම

මෙමගින් අපේක්ෂිත සාධනීය අරමුණු විය.

කවිය ,කලාව සහ රසාස්වාදය අරමුණු කරගනිමින් මෙවර සාහිත්‍ය දේශනය ප්‍රවීන ලේඛක රන්දික කඩවතආරච්චි මහතා විසින් පවත්වන ලද අතර, උළෙල වඩාත් රසවත් කරමින් දේශීය නර්තන කලාවෙහි පහතරට නර්තන සම්ප්‍රධාය ආශ්‍රිත නර්තනාංගයන් ඉදිරිපත් කිරීම කොට්ඨාසයෙහි කලායතන සිසු-සිසුව්යන් හා  ප්‍රවීන නර්තන සහ වාද්‍ය ශිල්පීන් විසින් සිදුකෙරුණි .

කලා ක්ෂේත්‍රයට කරන ලද සේවය වෙනුවෙන් වාර්ෂිකව පිරිනමන ලද "හෝමාගම විභූති සම්මානය" ප්‍රවීන හඬකැවීම් ශිල්පීනී එම්. එස්. ශ්‍යාමලී ලිවේරා  මහත්මිය, ප්‍රවීන වේශ නිරූපන ශිල්පී  කුමුදු තුෂාර විදානගමගේ මහතා, ප්‍රවීන නර්තන ශිල්පිනී කේ. චාන්දනී රේණුකා ප්‍රනාන්දු  මහත්මිය වෙත පිරිනැමිණි.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩළය සහ කාර්යාලයීය සංස්කෘතික අංශයෙහි එකමුතුවෙන් සංස්කෘතික නිලධාරිනී නාලනී ස්වර්ණලතා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල - 2024 සංවිධානය විය.

20241110LiteraryArtsFestival

20241110LiteraryArtsFestival 2

20241110LiteraryArtsFestival 3

20241110LiteraryArtsFestival 4

20241110LiteraryArtsFestival 5

20241110LiteraryArtsFestival 6

20241110LiteraryArtsFestival 7

20241110LiteraryArtsFestival 8

20241110LiteraryArtsFestival 9

20241110LiteraryArtsFestival 10

20241110LiteraryArtsFestival 11

20241110LiteraryArtsFestival 12

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top