ලොවපුරා කිතු බැතිමතුන් අති උත්කර්ෂවත්ව සමරනු ලබන ජේසුස් වහන්සේගේ ශ්‍රී උපත මුල් කරගත් නත්තල් උත්සවයට සමගාමීව සංවිධානය කරනු ලැබූ නත්තල් ගී සැඳෑව 2024 දෙසැම්බර් මස 30 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

හෝමාගම කටුවාන ශාන්ත මිඛායෙල් අනුදුනි දේවස්ථානය, කහතුඩුව උපනන්ද දහම්පාසල, හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය, ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය, ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලය, මත්තෙගොඩ  "යාත්‍රා" ළමා සමාජය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය වන ලෙස කිතුනු ගී ගායනාවන්ගෙන් විචිත්‍රවත්වූ මෙම වැඩසටහන සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතාගේ සංකල්පයකට අනුව ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ කටුවාන ශාන්ත මිඛායල් අනුදුනි දේවස්ථානයෙහි චානක ප්‍රභාත් පියතුමන් විසින් ජේසුස් වහන්සේ විසින් ලොවට තිළිණ කල සාමයේ පණිවිඩය වඩාත් අර්ථ දැක්වෙන ලෙස නත්තලෙහි සැබෑ අරුත පිළිබඳ දේශනය පැවැත්වූ අතර, උඩුගහපත්තු ශාසනාරක්ෂක බල මණ්ඩලයෙහි ගරු ලේඛකාධිකාරි පූජ්‍ය මිරිස්වත්තේ ඉන්‍ද්‍රසිරි ස්වාමීන් වහන්සේ විසින් ආගමික සහජිවනය ඔප්නංවනු රිසින් පැමිණි පිරිස ඇමතීම මෙහිදී  සුවිශේෂී විය.

"ශ්‍රී ලාංකේය කිතුනු ගීතයෙහි විකාශය" පිළිබඳ සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී .තේනුවර මහතා විසින් මෙහිදී දේශනයක් පැවැත්වූ  අතර, මෙම අවස්ථාව හා සමගාමීව සමාජ ක්‍රියාකාරිනී නවරත්න මැණිකේ දිසානායක මහත්මිය විසින් අඩු ආදායම්ලාභී දරුවන් සඳහා පාසල්  පොත් ලබාදීම, සංකේතාත්මකව සිදුකරමින්  ප්‍රාදේශීය ලේකම්තුමන් වෙත පොත් කට්ටලයක් ප්‍රදානය කිරීම සිදුවිය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගන්නා ලද අඩු ආදායම්ලාභී සිසු දරුවන් 25 දෙනෙකු සඳහා මෙහිදී පාසල් පොත් ප්‍රදානය කිරීමද පැමිණි සෙසු දරු දැරියන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

හෝමාගම හේවාගම් කෝරළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය කොටිගල නන්දරතන හිමි, උඩුගහපත්තු ශාසනාරක්ෂක බලමණ්ඩලයෙහි ගරු ලේඛකාධිකාරී පූජ්‍ය මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි හිමි, කටුවාන ශාන්ත මිඛායෙල් අනුදුනි දේවස්ථානයෙහි චානක ප්‍රභාත් පියතුමන්, ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලය සහ විවිධ සංවිධාන රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර, කාර්යාලයීය සමාජ සේවා අංශය සහ සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20241230Chrismassongs

20241230Chrismassongs 2

20241230Chrismassongs 3

20241230Chrismassongs 4

20241230Chrismassongs 5

20241230Chrismassongs 6

20241230Chrismassongs 7

20241230Chrismassongs 8

20241230Chrismassongs 9

20241230Chrismassongs 10

20241230Chrismassongs 11

20241230Chrismassongs 12

20241230Chrismassongs 13

20241230Chrismassongs 14

20241230Chrismassongs 15

20241230Chrismassongs 16

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top