පසුගිය අ.පො.ස.(උ.පෙ.) විභාගය සඳහා පෙනී සිටි පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ විශේෂ දැනුවත්කිරීමේ වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී අ.පො.ස (උපෙළ ) විභාගය සඳහා පෙනී සිටි සිසු - සිසුවියන්, අනාගත වැඩලොව ජය ගැන්ම, උසස් අධ්‍යාපන කටයුතු සඳහා නිවැරදි  ප්‍රවේශයක් ලබා දීම යන අරමුණු පෙරදැරිව වෘත්තීය මාර්ගෝපදේන සේවා ලබාදීම, පෞද්ගලික විශ්ව විද්‍යාලයන් වෙත යොමු වීම සහ වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා  ඇති අවස්ථාවන්  පිළිබඳව දැනුවත් කිරීම මූලික කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය වූ අතර, මේ සඳහා SLT Campus, Polymath Campus, ICBT  Campus, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, කාර්මික විද්‍යාලය, ශ්‍රී  ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසකගේ  සහභාගීත්වය හිමිවිය.

එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන හා  වෘත්තීය අධ්‍යාපන අංශයේ නිපුණතා සංවර්ධන නිලධාරී රොශාන් හෙට්ටිආරච්චි මහතා  සහ  මිනිස්බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ජ්‍යෙෂ්ඨ වෘත්තීය මාර්ගෝපදේශන  නිලධාරී ආනන්ද විජේකෝන් මහතා විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය දක්වන ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිපුණතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20250118alstudents

20250118alstudents 2

20250118alstudents 3

20250118alstudents 4

20250118alstudents 5

20250118alstudents 6

20250118alstudents 8

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top