හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල අ.පො.ස.(උ.පෙ) විභාගය සඳහා සෞන්දර්ය විෂය ධාරාවන් යටතේ අධ්‍යාපනය හදාරනු ලබන  සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරමුදල් සම්පාදනය කරගැනීමේ අරමුණින් සංවිධානය වූ විශේෂ ලොතරැයි දිනුම් ඇදීම පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

 මෙහිදී ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන සඳහා මෙන්ම සැනසිලි ත්‍යාග රැසකට හිමි වටිනා ත්‍යාග සඳහා ජයග්‍රාහකයින් තෝරාගනු ලැබිණි.

"ප්‍රතිභා" ශිෂ්‍යත්ව වැඩසටහන හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික  අංශය සහ හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සුවිශේෂී සමාජ මෙහෙවරකි.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද අතර, ශිෂ්‍යත්වලාභී සිසුන් සහ කලාකරුවන්ගේ සහභාගීත්වය මෙම අවස්ථාව සඳහා හිම්විය.

20250209prathibaloto

20250209prathibaloto 2

20250209prathibaloto 3

20250209prathibaloto 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top