77 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද "නිදහස් ගී උදාන" දේශාභිමානී ගීත වැඩසටහන 2025-02-06 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතාගේ ප්‍රධානත්වයෙන්, හේවාගම් කෝරළ ශාසනාරක්ෂක බලමණ්ඩළයෙහි ලේඛකාධිකාරී පූජ්‍ය කොටිගල නන්ද රතන ස්වාමීන් වහන්සේ, කලායතන සිසුන්, කලාකරුවන් ප්‍රධාන විශාල පිරිසකගේ සහභාගීත්වයක් මෙම වැඩසටහන සඳහා හිමිවිය.
"නිදහස් ගී උදානය" සඳහා හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩල සමාජිකයින්, පොල්ගස්ඕවිට සිංහල සංගීත පර්යේෂණ කලායතනය, ගොඩගම ස්වරංගා කලාසෙවන සහ පානළුව සරසවි කලායතනය නියෝජනය කරමින් සිසු දරු දැරියන් ද ගොඩගම පුරාණ විහාරස්ථ දහම්පාසල නියෝජනය කරමින් සිසු දරු දැරියන්ද, හෝමාගම ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩල ගායන කණ්ඩායම සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ගායන කණ්ඩායම මෙම අවස්ථාව සඳහා ගීත ගායනයෙන් දායක විය.
බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහයෙන්, ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














