77 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද "නිදහස්  ගී උදාන" දේශාභිමානී ගීත වැඩසටහන 2025-02-06 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතාගේ ප්‍රධානත්වයෙන්, හේවාගම් කෝරළ ශාසනාරක්ෂක බලමණ්ඩළයෙහි ලේඛකාධිකාරී පූජ්‍ය කොටිගල නන්ද රතන ස්වාමීන් වහන්සේ, කලායතන සිසුන්, කලාකරුවන් ප්‍රධාන විශාල පිරිසකගේ සහභාගීත්වයක් මෙම වැඩසටහන සඳහා හිමිවිය.

"නිදහස් ගී උදානය" සඳහා හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩල සමාජිකයින්, පොල්ගස්ඕවිට සිංහල සංගීත පර්යේෂණ කලායතනය, ගොඩගම ස්වරංගා කලාසෙවන සහ පානළුව සරසවි කලායතනය නියෝජනය කරමින් සිසු දරු දැරියන් ද ගොඩගම පුරාණ විහාරස්ථ දහම්පාසල නියෝජනය කරමින් සිසු දරු දැරියන්ද, හෝමාගම ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩල ගායන කණ්ඩායම සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ගායන කණ්ඩායම මෙම අවස්ථාව සඳහා ගීත ගායනයෙන් දායක විය.

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහයෙන්, ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20250210nidahasgee

20250210nidahasgee 2

20250210nidahasgee 3

20250210nidahasgee 4

20250210nidahasgee 5

20250210nidahasgee 6

20250210nidahasgee 7

20250210nidahasgee 8

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top