මත්තෙගොඩ "තුසිත" වැඩිහිටි නිවාසයෙහි වැඩිහිටි පිරිසගේ සෞඛ්‍ය තත්වය නංවනු රිසින් සංවිධානය වූ පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද ආයුර්වේද වෛද්‍ය සායනය 2025-02-27වන දින එම වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
මේ සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්වන කේ.එස්.එම්.කුමාරසිංහ මයා, මාලා ලියනගේ මිය,අයිරාංගනී බස්නායක මිය,කේ.බී.හීන්කෙන්ද මයා යන මහත්ම මහත්මීන් සහ ආයුර්වේද සංරක්ෂණ සභාවෙහි වෛද්‍ය ශිෂ්‍ය,ශිෂ්‍යාවන්ගේ සම්පත්දායකත්වය හිමිවිය.
එමෙන්ම ආයුර්වේද වෛද්‍ය කේ.බී. හීන්කෙන්ද මහතා විසින් සෞඛ්‍ය සම්පන්න දේශීයආහාර රටාවන් පිළිබඳ පිරිස දැනුවත් කිරීමද ඒ හා සමගාමීව සිදුවිය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂෂණය මත මෙම වැඩසටහන කාර්යාලයීය සමාජ සේවා අංශය සහ දේශීය වෛද්‍ය අංශය විසින් සංවිධානය කරන ලදී.














