හෝමාගම ප්රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය හා සබැඳි ග්රාමීය වැඩිහිටි කමිටුවල සාමාජිකයින් "ඩිමෙන්ෂියා" රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවනාගාරයේදී පැවැත්විණි.
මෙම රෝගය පිළිබඳ දැනුවත් කිරීම පිණිස ලංකා ඇල්සයිමර් පදනමෙහි සම්පත්දායකත්වය හිමිවිය. දෙටු පුරවැසි ප්රජාවගේ සෞඛ්ය තත්වය නංවනු රිසින්, ප්රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන කාර්යාලයීය සමාජසේවා අංශය විසින් සංවිධානය කරන ලදී.

















