මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ සවිබල ගැන්වීමේ ප්‍රජා පාදක මත් නිවාරණ වැඩසටහන පසුගියදා මීගොඩ, හෙට්ටියාවත්ත වසමේ කාන්තාවන් උදෙසා එම වසමෙහිදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි ඩයනා ඩිනාලි මහත්මිය, ජලජීවී වගා සංවර්ධන නිලධාරි T.G.D.M.ගුණවර්ධන මහත්මිය, ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරි G.V.N.P ජයරත්න මහත්මිය සහ J.A.W .ජයසිංහ මහත්මියද ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ධම්මිකා ස්වර්ණසීලී මගත්මියද සම්පත්දායකත්වය ලබා දෙන ලදී.
ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්වය නගාසිටුවමින්, ඔවුන් බලගන්වා මතින් තොර හෙටක් තැනීමේ අරමුණ පෙරදැරිව සංව්ධානයවූ මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණය මත මත්ද්‍රව්‍ය නිවාරණ සංවර්ධන නිලධාරී හංසිකා මැදවක මහත්මිය සහ බාහිර සේවා සහ උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය) පී.ඒ.එන්.පද්මසිරි මහත්මිය විසින් සංවිධානය කරන ලදී.















