හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අමාදම් දහම් පාසල එක්ව සංවිධානය කරන ලද "යොවුන් වියට පෙර මං" නායකත්ව කඳවුර පසුගියදා ජල්තර වින්ටේජ් පා(ර්)ක් ප්‍රජා ශාලා භූමියේදී පැවැත්විණි.

මෙහි සමාරම්භය හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, මෙම පුහුණු කඳවුර සඳහා ප්‍රදේශයේ දරු දැරියන් 70 කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. අනාගත ලොව විවිධ තත්වයන්, අභියෝගන් හමුවේ දරුවන් ලෙස ජීවිතය ජය ගැන්මට අත්වැලක් සපයනු රිසින් මෙම වැඩසටහන සංවිධානය විය.

මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් දෙපළ, ක්‍රීඩා නිලධාරී, තරුණ සේවා නිලධාරී තුමිය සහ ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා නිලධාරී නීල් කත්‍රිආරච්චි මහතා සහ එඩිම්බරෝ තිළිණ ලාභී, බැහැරගත නායකත්ව පුහුණුකරුවකු වන විහඟ සංදීප මහතා මෙන්ම ව්‍යවසායකත්ව උපදේශකයකු වන ව්‍යවසායක රසික බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ සම්පත්දායකත්වය හිමිවිය.

මෙහිදී දරුවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය වන අයුරින් සකස් කෙරුණු ක්‍රියාකාරකම් රැසකින්ද රාත්‍රි ගිණිමැල සංදර්ශනය සහ සංගීත රාත්‍රියෙන් මෙම වැඩසටහන වඩාත් විචිත්‍රවත් විය.

ප්‍රදේශයේ ආයතන රැසකගේ අනුග්‍රාහක දායකත්වය මත මෙම වැඩසටහන කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී තුෂාන්ති ප්‍රනාන්දු මහත්මිය සහ වසමෙහි ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ සෙසු නිලධාරීන් විසින් සංවිධානය සහ සම්බන්ධීකරණය කරන ලදී.

20250418youthpro 2

20250418youthpro 3

20250418youthpro 4

20250418youthpro 5

20250418youthpro 6

20250418youthpro 7

20250418youthpro 8

20250418youthpro 9

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top