මත්ද්‍රව්‍ය අවධානම බහුල වසම් පාදක කරගනිමින් සිදුකරනු ලබන වැඩසටහන් මාලාවෙහි තවත් එක් ප්‍රජා පාදක මත් නිවාරණ වැඩසටහනක් මීගොඩ, හෙට්ටියාවත්ත වසමෙහිදී පසුගියදා පැවැත්විණි.
විශේෂයෙන්ම දරුවන් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන පවත්වන ලද අතර, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව දරුවන් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ කරගනිමින් ඒ ඔස්සේ මත්නිවාරණයට අවැසි මග පෙන්වීම සහ ඒ ඔස්සේ සෞඛ්‍යයට, සමාජයට සහ පොදු මානව පැවැත්මට වන හිතකර බලපෑම් පැහැදීමට කටයුතු සංවිධානයවිණි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ප්‍රජා සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගයෙන් සහ දායකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය බාහිර සේවා සහ උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය) නදීෂානි පේළි ආරච්චි මහත්මිය සහ මත්ද්‍රව්‍ය නිවාරණ සංවර්ධන නිලධාරිනී හංසිකා මැදිවක මහත්මිය විසින් සිදු කරන ලදී.

















