අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සංකල්පයකට අනුව ක්‍රියාත්මකවන සමථකරණ ක්‍රියාවලිය සබැඳිව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන යටතේ කොට්ඨාසයේ පොලිස් ස්ථාන 06 ක පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන වැඩසටහන පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සමථකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ දී පොලිසිය සතු වගකීම, වගවීම හා කාර්යභාර්ය, ආරවුලක් පොලීසිය විසින් සමථ මූල මණ්ඩලයට යොමු කිරීමේ නිසි ක්‍රමවේදය හා මෙතෙක් ඒ සම්බන්ධව සමථමූල මණ්ඩලය විසින් හඳුනාගත් ගැටලු හා ඊට විසදුම් සාකච්ජා කිරීම, සමථකරණ කාර්යය නිසි ලෙස ඉටු කරන පොලිස් ස්ථාන ඇගයීම හා අධිකරණ ක්‍රියාමාර්ගයන්ට අවතීරණ නොවී ගැටුම් ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස සමථකරණ ක්‍රියාවලියෙන් ජනතාවට ලැබෙන ප්රතිලාභ සම්බන්ධව දැනුම්වත් කිරීම මෙන්ම
සමථමූල මණ්ඩලය වෙත 2025 වර්ෂයෙහි අදාළ පොලිස් ස්ථානවලින් මෙතෙක් ලැබී ඇති පැමිණිලි හා එහි තත්ත්වයන් සාකච්ජා කිරීම ආදී කරුණු මුල් කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යෙදුණි.
කහතුඩුව, මත්තෙගොඩ, අතුරුගිරිය, හෝමාගම, මීගොඩ සහ අවිස්සාවේල්ල යන පොලිස් ස්ථානයන්හි සේවයෙහි නියුතු පොලිස් නිලධාරීන් 25දෙනෙකු ප්‍රතිලාභීන් ලෙස මෙම වැඩසටහනට ඉලක්ක ගතකරගත් අතර, මේ සඳහා සම්පත්දායකත්වය කාර්යාලයීය සමථ නිලධාරී කේ.ඩී.හිමාලි කටුගම්පල මහත්මිය සහ හෝමාගම සමථ මූලමණ්ඩලයේ සභාපති පේමසිරි සිල්වා මහතා විසින් ලබාදෙන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන සම්බන්ධීකරණය හා සංවිධානය කාර්යාලයීය සමථ නිලධාරී විසින් සිදුකරන ලදී.




















