හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශය හා හෝමාගම වැඩිහිටි බලමණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ "වැඩිහිටි බක්මහ උළෙල" පසුගිය දා ගැලවිලවත්ත උතුර "පෙරුම්බුලි" ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත්ව පවත්වන ලදී.
මෙහි සමාරම්භය හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී.තේනුවර මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
විවිධ ජන ක්‍රීඩාවන් සහ දෙටු පුරවැසියන්ගේ කලාහැකියාවන්ගෙන් පිරි විචිත්‍රවත් නර්තනාංයන්ගෙන් මෙම උළෙල වඩාත් අලකෘත වූ අතර, කොට්ඨාසයෙහි ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයන් නියෝජනය කරමින් දෙටු පුරවැසියන්, කාර්යාලයීය නිලධාරීන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
මෙම වැඩසටහන සම්බන්ධීකරණය සහ සංවිධානය සමාජ සේවා අංශය සහ වැඩිහිටි බලමණ්ඩලය විසින් සිදුකරන ලදී.






















