සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සමරමින්,එහි අරුත වඩාත් ඔප් නැංවෙන අයුරින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය සහ ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය එක්ව සංවිධානය කරන ලද "බක්මහේ සංස්කෘතික අසිරිය" බක්මහ උළෙල පසුගියදා හෝමාගම, මීගොඩ ආයුර්වේද උද්‍යාන භූමියේදී පැවැත්විණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්, කාර්යාලයීය නිලධාරීන්, කලාකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැසකගේ සහභාගීත්වය හිමිවිය.
විවිධ ජන ක්‍රීඩා, විචිත්‍රවත් නර්තනාංග රැසක් මෙම උත්සවය පුරා දක්නට ලැබුණු අතර, ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සංස්කෘතික බලමණ්ඩල අරමුදලෙහි ප්‍රතීපාදන යටතෙහි සංවිධානය විය.





















