හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ග්‍රාමීය වැඩිහිටි කමිටුවල සාමාජික සාමාජිකාවන් සඳහා බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පවත්වනු ලැබිණි.
මේ සඳහා ප්‍රතිලාභීන් රැසකගේ සහභාගීත්වය හිමිවූ අතර,හෝමාගම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය නියොජනය කරමින් ආයුර්වේද වෛද්‍ය එස්මිකා පතිරණ මහත්මිය විසින් පැමිණි ප්‍රතිලාභීන් සඳහා ප්‍රධාන දේශනය සිදුකරන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කාර්යාලයීය සමාජ සේවා අංශය හා දේශීය වෛද්‍ය අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය කරන ලදී.


















