2025 ජගත් පරිසර දිනය වෙනුවෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සැමරුම් වැඩසටහන 2025.06.05 දිනය පුරා කිරිගම්පමුණුව "සංහිඳ" වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම සැමරුම් වැඩසටහන අදියර කිහිපයකින් යුක්ත විය.
1. ප්ලාස්ටික් භාවිතයේ හා ඒවා වැරදි ලෙස අපහරණයේ ඇති සෞඛ්‍යමය තර්ජන සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන
2. රුක් රෝපණ වැඩසටහන
3. ඩෙංගු මර්ධනය සඳහා "සංහිඳ" වැඩිහිටි නිවාසය අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදානය
එකී වැඩසටහන් විය. මේ සඳහා ප්‍රජා විශෝධන ආඥාලාභීන්, දෙටු පුරවැසි ප්‍රජාව, කාන්තා බලමණ්ඩල සාමාජිකයින්ගේ සහයෝගය සහ සහභාගීත්වය හිමිවිය. මෙම වැඩසටහන් සංවිධානය කිරීමේදී, ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය නිලධාරී එස්මිකා පතිරණ මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සංවිධානය කිරීමෙහිදී කිරිගම්පමුණුව වසමෙහි සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී, කාර්යාලයීය ප්‍රජා විශෝධන නිලධාරීන් දෙපළ, දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී, සමාජ සේවා නිලධාරීනි (බ.ප), වනිතා සංවර්ධන නිලධාරී යන නිලධාරීන්ගේ සහයෝගය සහ සම්බන්ධීකරණයමත කාර්යාලයීය පරිසර නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.























