අනාගත වැඩලෝකයට ගැලපෙන අකාරයට මානව සම්පත සවිබල ගැන්වීම, ශ්‍රම වෙළෙඳපළ නව ප්‍රවණතා සහ නිපුණතා සංවර්ධනයට අදාළ වෘත්තිය පුහුණු අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණු පෙරදැරිව සංවිධානය වූ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන පසුගියදා හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.
මේ සඳහා සම්පත්දායකත්වය මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවෙහි වෘත්තිය මාර්ගෝපදේශ නිලධාරී තුෂාරි අනුරුද්ධිකා මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙහි නිපුණතා සංවර්ධන හා වෘත්තිය අධ්‍යාපන අංශයෙහි නිපුණතා සංවර්ධන නිලධාරී රොෂාන් හෙට්ටිආරච්චි මහතා විසින් ලබාදෙන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණය සහ මගපෙන්වීම මත කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් හා නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය සහ සම්බන්ධීකරණය සිදුකෙරුණි.


















