ප්‍රශ්න, ගැටලු, ආරවුල් සඳහා විකල්පයන් ජනනය තුළින් සාධනීය විසඳුම්කරා යාමට ඇති හැකියාව, චිත්තවේග කළමනාකරණය තුළින් ගැටුම් කළමනාකරණය සහ සමථ මණ්ඩල ක්‍රියාවලිය,එහි නෛතික පසුබිම සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ප්‍රජා විශෝධන ආඥාලාභීන් ඉලක්ක ගත කරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කර්යාලයීය සමථ සංවර්ධන නිලධාරී කේ.ඩීහිමාලි කටුගම්පල මහත්මිය විසින් ලබාදෙන ලදී.

එමෙන්ම මෙම වැඩසටහන හා සබැඳිව මත් නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමද සිදවූ අතර, ඒ සඳහා සම්පත්දායකත්වය මත්ද්‍රව්‍ය නිවාරණ  හා පුනරුත්ථාපන සංවර්ධන නිලධාරී හංසිකා මැදිවක මහත්මිය  විසින් සපයනු ලැබීය.

ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය කාර්යාලයීය ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරීන් විසින් සිදු කරන්නට යෙදුණි.

20250608careerguidanceprog

20250608careerguidanceprog 2

20250608careerguidanceprog 3

20250608careerguidanceprog 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top