අනුබුදු මිහිඳු මාහිම්යන් බුදුදහම රැගෙන මෙරටට පැමිණි පොසොන් මංගල්‍යය සිහිකරමින්, ජාතික පොසොන් උත්සවයට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ව්සින් සංවිධානය කරන ලද "පොසොන් බැතිගී සරණිය" 2025-06-06 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා හෝමාගම හේවාගම් කෝරළ ශාසනාරක්ෂක මණ්ඩල ගරු ලේඛකාධිකාරී පූජ්‍ය කොටිගල නන්දරතන හිම්යන්, උඩුගහපත්තු ශාසනාරක්ෂක මණ්ඩල ගරු ලේඛකාධිකාරී මිරිස්වත්තේ ඉන්දසිරි හිමි, හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා, හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කසුන් රත්නායක මැතිතුමා ,හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන්,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රධාන කාර්යමණ්ඩලය, ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ විවිධ සංවිධාන නියොජනය කරමින් විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.
කාර්යාලයේ විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් විසින්ද, ගොඩගම පුරාණ විහාරස්ථ දහම්පාසල, සංස්කෘතික බලමණ්ඩලය, කාන්තා බලමණ්ඩලය, වැඩිහිටි බලමණ්ඩලය මෙන්ම කටුවාන ශාන්ත මිඛායෙල් අග්‍රදූත දේවස්ථාන ගායක කණ්ඩායම මෙහිදී බැති ගී ගායනයෙන් එක්විය.
ශබ්ද විකාශන කටයුතු වෙනුවෙන් සංස්කෘතික දෙපාර්තමේතුව මේ සඳහා අනුග්‍රහය ලබාදුන් අතර, ප්‍රාදේශීය ලේකම් තුමාගේ මග පෙන්වීම, අධීක්ෂණයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පීය දායකත්වයෙන් කාර්යාලයීය නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.



























