උපදේශන වැඩසටහන් වෙත යොමුකර ගැනීම හරහා පුද්ගල සංවර්ධනය ඇති කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහිය තුළින් ඇතිවන්නාවු දීර්ඝකාලීන කායික, සමාජීය, පුද්ගල අයහපත පිළිබඳ අවධානය යොමුකිරීමේ අරමුණින් සංවිධානය වූ මෙම වැඩසටහන පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මේ සඳහා හෝමාගම අධිකරණයෙහි ප්‍රජාවිශෝධන ආඥාලාභීන් රැසකගේ සහභාගීත්වය හිමිවිය. ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙනුවීමෙන්,හංසිකා පියුමාලි මැදිවක මහත්මියගේ (සංවර්ධන නිලධාරී මත්ද්‍රව්‍ය නිවාරණ) සම්පත්දායකත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා අවැසි සංවිධාන සහය කාර්යාලයීය ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරීන් වන G.V.N.P ජයරත්න මහත්මිය හා J.A.W.ජයසිංහ මහත්මිය විසින් ලබාදෙන ලදී.















