2025 - ජගත් පරිසර දින සැමරුම් වැඩසටහනට සමගාමීව හෝමාගම, මත්තෙගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමෙහි, මත්තෙගොඩ මහ වැව සහ ඒ ආශ්රිත භූමිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මහ වැව වටා කුඹුක් පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගියදා සිදු කරන ලදී.
මෙම වැඩසටහන සඳහා මත්තෙගොඩ සියළුම වසම් නියෝජනය වන පරිදි ප්‍රජාවගේ සහභාගීත්වය හිමිවිය.මත්තෙගොඩ පොලිස් ස්ථානාධිපති R.M.M.S ඉන්දික කුමාර මහතා, කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරී T. A සමන් මහතා, කාර්යාලයීය පරිසර නිලධාරී ලසන්ති නුගලියද්ද මහත්මිය, සංවර්ධන නිලධාරි (ප්‍රජා විශෝධන) වාසනා ජයසිංහ මහත්මිය සහ නිලන්ති බණ්ඩාර මහත්මිය, මත්තෙගොඩ නැගෙනහිර වසමෙහි සංවර්ධන නිලධාරි D.සුජීවා කුමාරි මහත්මිය, මත්තෙගොඩ මධ්‍යම B වසමෙහි සංවර්ධන නිලධාරි R .M ඉරෝෂා චාන්දනී මහත්මිය, මත්තෙගොඩ මධ්‍යම A වසමෙහි සංවර්ධන නිලධාරි K. C මුදලිගේ මහත්මිය, මත්තෙගොඩ බටහිර වසමෙහි කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර M.J දමිත පෙරේරා මහතා, වසමට අනුයුක්ත පොලිස් නිලධාරි H. T. S පෙරේරා මහතා යන නිලධාරී මහත්ම මහත්මීන් හා විවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳ දැනුම ඇති ප්‍රජා නායකයින් පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී විය.
මෙම කටයුත්ත සාර්ථක කරගැන්ම සඳහා ශ්‍රම දායකත්වය වෙනුවෙන් ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ සහභාගීත්වය හිම්වූ අතර, ප්‍රාදේශීය ලේකම්තුමන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන කාර්යාලයීය ප්‍රජා විශෝධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.

















