තම හැකියාව, ලැදියාව අනුව 9 වන ශ්‍රේණියේ ඛාණ්ඩ විෂයන් තෝරා ගැනීම පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන 2025.07.08 වන දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී  පැවැත්විණි.

අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා ඛාණ්ඩ විෂයන් තෝරා ගැනීමේදි තම හැකියාවන්ට හා ලැදියාවන්ට අනුව තෝරා ගන්නා ආකාරය සහ අනාගත වැඩ ලෝකය සමග එම විෂයන් සම්බන්ධ වන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් ලෙස හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 285 පමණ සහභාගී විය.

මේ සඳහා සම්පත්දායකත්වය මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවෙහි වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරී තුෂාරි අනුරුද්ධිකා මහත්මිය විසින් ලබාදුන් අතර, ප්‍රදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

20250708grade9choosingsubjectsprog

20250708grade9choosingsubjectsprog 2

20250708grade9choosingsubjectsprog 3

20250708grade9choosingsubjectsprog 4

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top