මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්තෙගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.07.14 දින  සිදු කරන ලදී.

 

මෙහිදී  නිවාස, ව්‍යාපාරික ස්ථාන හා ආගමික ස්ථාන පරීක්ෂා කිරීම හා දැනුවත් කිරීම් සිදුකරමින් මත්තෙගොඩ නැගෙනහිර වසමේ බණ්ඩරනායකපුර ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක E.D.P.P. විදර්ශන මහතා, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි N.P. ජයසූරිය මිය, ග්‍රාම නිලධාරී H.M.I. අනුරාධ මහතා, ප්‍රජා පොලිස් නිලධාරී D.S.P. වනිගසේකර මහතා, සමෘද්ධි සංවර්ධන නිලධාරී R.M. කත්‍රි ආරච්චි මහතා සමග කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද පීඨයේ සිසුන්, මදුරු මර්දන ඒකකයේ ක්ෂේත්‍ර නිලධාරීන් හා ස්වේච්ඡා සමිති සාමාජිකයින් පිරිසක් මේ සඳහා සහභාගි වූ අතර සංවර්ධන නිලධාරී D.S. කුමාරි මහත්මිය විසින් වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.

20250714Denguprog

20250714Denguprog 2

20250714Denguprog 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top