සමෘද්ධි ව්‍යාපාරයට වසර තිහක් (30) සම්පූර්ණ වීම සමරා සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ මුල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි විශේෂ නිවාස වැඩසටහනේ "රන් විමන" නිවාස වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන සමෘද්ධි කලාපයේ 484 E සුවපුබුදුගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අංක 503/01/03, පිටිපන දකුණ, හෝමාගම ලිපිනයෙහි ස්වාමියා විසින් හැරගිය බිරිද, අධ්‍යාපනය ලබන පිරිමි දරුවකු, වයස්ගත මව හා පියා සමග ස්ථිර නිවහනක් නොමැතිව සිටි නිසංසලා කුමුදුමාලි මහත්මියගේ පවුල වෙත ඉදිකල නිවස නිවාස හිමියන් වෙත භාරදීම හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දපාල දසනායක, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජූලි මස දහසයවන දින (16) සිදුකෙරින.

ඥාති සහෝදරියක විසින් පරිත්‍යාග කළ පර්චස් හයක (6) ඉඩමෙහි සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක (750,000/=) මුල්‍ය දායකත්වයද 2024 වර්ෂයේ දුම්වැටි හා මත්විරෝධී කොඩි අලෙවි වැඩසටහන තුලින් උපයා ගන්නා ලද රුපියල එක්ලක්ෂ හැටදහසක (160,000/=) ක මුදල හා ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ඇතිව රුපියල් විස්සකට පමණ නිමි වටිනාකමකින් යුත් මෙම නිවහන බිම් මට්ටමෙි සිට ඉදිකර භාරදීමේ කටයුතු  සුවපුබුදුගම සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ප්‍රියංගනී අතුකෝරල මහත්මිය විසින් සිදුකරන ලදී.

හෝමාගම සමෘද්ධි බැංකු සමීති කළමණාකරු පී.එස්.වේවැල්වල මහත්මිය, මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, ව්‍යාපෘති කලමණාකරු ශාන්ත ජයසූරිය, පිටිපන සමෘද්ධි කළමණාකරු පියනන්ද සමන් කුමාර මහතා, කොළඹ දිස්ත්‍රික් සමාජ සංවර්ධන සහකාර බුද්ධික වීරසේකර මහතා, සමාජ සංවර්ධන සහකාර කාන්තිකා හුලත්දූව මෙනවිය, සුවපුබුදුගම ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායම  වන ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහත්මීන්, පිටිපන සමෘද්ධි කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, මෙම නිවහන ඉදිකිරීමට දායකත්වය ලබාදුන් පරිත්‍යාගශීලීන් හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

20250710 1

20250710 2

20250710 3

20250710 5

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top