Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව කිතුලවිල ග්‍රාම නිලධාරී වසමේ බොහෝ කාලයක් තිස්සේ වල් බිහිව තිබූ ග්රීන්ක්රසන්ට් උද්‍යානයේ ක්‍රීඩාංගනය එළිපෙහෙළි කිරීම හා කිතුලවිල මාර්ගය දෙපස ශුද්ධ කිරීම පසුගිය 2025.07.18 වන දින සිදු කරන ලදී.
මෙම වැඩසටහන මගින් ළමා හා තරුණ ප්‍රජාවට ක්‍රීඩා කළ හැකි පරිදි ග්රීන්ක්රසන්ට් ක්‍රීඩාපිටිය සැකසීමටත්, ක්‍රීඩාංගනය වටා පළතුරු පැළ හා ඔසු පැළ සිටුවීමටත් නියමිත අතර ඒ තුළින්, කිතුලවිල වසමේ ළමා හා තරුණ පරපුරේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමත්, සෞඛ්‍ය සම්පන්න නිරෝගී ප්‍රජාවක් බිහි කිරීමත් අරමුණ විය.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් ගජනායක මහතා සහ සංවර්ධන නිලධාරී ටෙනිකා කුසුම්සීලි මහත්මිය සමඟ වසමේ ප්‍රජා නියෝජිතයින් පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

















