"මදුරු මරුවා පරදවමු - සුවැති හෙටක් තනමු..."
යන්න තේමා කර ගනිමින් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගිය 2025.07.19 වන දින මත්තෙගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පියරතනාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.. කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක ධර්මරාජ මහතා, දිස්ත්‍රික් ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක J.D.V.P. විජේසූරිය මහතා, මහජන සෞඛ්‍ය පරීක්ෂක E.D.V.P. විදර්ශන මහතා යන අය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර, ඩෙංගු හා චිකුන්ගුන්යා රෝගය ආසාදනය වීම හා එය වළක්වා ගැනීම පිළිබඳවත්, 'කසළ කළමනාකරණය' තුළින් රෝග වාහක මදුරුවන් බෝවීම පාලනය කර ගත හැකි ආකාරය පිළිබඳවත් මෙහිදී ප්‍රජාව දැනුම්වත් කරන ලදී. විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී දීපිකා ජයසේන මහත්මිය හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී N P ජයසූරිය මහත්මිය වැඩසටහන සඳහා ආරාධිතයන් ලෙස සහභාගි වූ අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද පීඨයේ සිසුන් හා වසම්භාර සංවර්ධන නිලධාරී D K S කුමාරි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.

















