හෝමාගම යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය හා නිළවරණය 2025 ජූලි මස 20 වැනි දින බප/හෝ/ මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්විණ.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරන්ද ගුණසේකර මැතිතුමන්,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ මැතිතුමන්,හෝමාගම ප්‍රාදේශීය සභාවෙහි සභාපති කසුන් රත්නායක මැතිතුමන්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මැතිතුමන්, නියෝජ්‍ය අධ්යක්ෂ සැලසුම් නිලංකා එන්.සම්පත් මහත්මිය,ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතා, ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ කුමුදුනී දිසානායක මහත්මිය, ජාතික තරුණ සේවා සභාවේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ සුමිත් ගල්ඔළුව මහතා සහ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී ගාමිණී බාලසූරිය මහතා ප්‍රධාන නිලධාරීන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.
මේ සඳහා තරුණ තරුණියන් 340 ක් පමණ සහභාගී වූ අතර, මෙහිදී යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය සඳහා සහාපති ලෙස සිතිර එඩේරගේ මහතාද, ලේකම් තනතුර සඳහා නිලබලයෙන් කාර්යාලයීය තරුණ සේවා නිලධාරී තනූජා දිසානායක මහත්මියද, භාණ්ඩාගාරික තනතුර සඳහා නදීජ ප්‍රතිභාන මහතාද සංවිධායක ලෙස ලකිඳු වරුණ මහතාද, උපසභාපති තනතුර සඳහා සුධීර ඉසුරු මහතාද, උපලේකම් තනතුර සඳහා පුබුදු හඳපාන්ගොඩ මහතාද තෝරාගන්නා ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කාර්යාලයීය තරුණ සේවා නිලධාරී විසින් මෙම කටයුත්ත සංවිධානය කරන ලදී.


















