මැගිලින් අමුණ ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ වාසය කරන වදවී ගෙන යන මත්ස්‍ය විශේෂ රැකගැනීම, මැගිලින් අමුණ ආශ්‍රිත කුණු කසළ දැමීම වැළැක්වීම හා මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවෙන නීතිවිරෝධී ක්‍රියා අවම කිරීම අරමුණින් අමුණ අවට ප්‍රදේශය පිරිසිදු කිරීම හා දැන්වීම් පුවරුවක් ස්ථාපිත කිරීම 2025.07.20 දින දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේදී  සිදුවිය.

එම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී රේණුකා ලියනගේ මහත්මිය කහතුඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති දමිත පෙරේරා මහතා දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරි ආර්.එම්.ඩී.ජී.කේ රාජසිංහ මහත්මිය, සංවර්ධන නිලධාරි ජයනි ප්‍රදීපිකා මහත්මිය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සිසිල කුමාර මහතා ඇතුළු බොහෝ පිරිසක් සහභාගී විය.

මෙහි කටයුතු සම්බන්ධීකරණය හා සංවිධානය දියගම නැගෙනහිර මහජන ආරක්ෂක කමිටුව ,දියගම නැගෙනහිර Green Jacket පරිසර සංවිධානය, පරිසර ඒකකය කහතුඩුව පොලිසිය යන ආයතන මගින් සිදු කරන ලදී. හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් සම්පත් දායකත්වය සපයන ලදී.

20250721diyagamapro

20250721diyagamapro 2

20250721diyagamapro 3

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top